අද ප්‍රදේශ කිහිපයකට වැසි

ජූනි 14, 2021

    මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල අද (14) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    වයඹ පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැයට කිලෝ මීටර 30ත් 40ත් පමණ වන අතර විටින්විට පැයට කිලෝ මීටර 50 දක්වා වැඩිවීමේ හැකියාව පවතියි.

    ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

    Last modified on සදුදා, 14 ජූනි 2021 10:30

    Latest News