රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1500ක්

පෙබ 03, 2024

    76 වැනි ජාතික නිදහස් උත්සවයේ රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලීසිය පවසනවා.

    ආරක්ෂාව සහ වෙනත් රාජකාරි සඳහාද නිලධාරින් 4,000ක් යොදවා ඇති බවයි රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කරන්නේ.

    ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් අද සහ හෙට දෙදින කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැසුමක් ක්‍රියාත්මක වන බව ද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කරනවා.

    Latest News