අක්ෂි රෝහලේ ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසට

ජූනි 08, 2021

    රටතුළ පවතින කොවිඩ් අවධානම හමුවේ සංචරන සීමාපැනවීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ සායනික ඖෂධ තැපැල් මාර්ගයෙන් නිවසට එවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසයි.

    ඖෂධ තැපෑල මගින් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන රෝගීන් තමාට අයත් අක්ෂි විශේෂඥ වෛද්‍යවරයාට වෙන් කර ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබා දී සායනික ගොනු අංකය, නිවැරදි ලිපිනය, දුරකථන අංකය ලබා දීමට කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා වැඩි දුරටත් දන්වා සිටී.

    අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා හා ඔහුට අදාළ දුරකථන අංකය පහත සඳහන් කර ඇත.

    contak

     

    Last modified on අඟහරුවාදා, 08 ජූනි 2021 15:29

    Latest News