තවත් 66,000 කට සයිනොෆාම් පළමු මාත්‍රාව

ජූනි 10, 2021

    මෙරට කොවිඩ් එන්න්තකරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 66,060 දෙනෙකුට ලබා දී ඇතැයි,සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

    ඒ අනූව මේ දක්වා කාලය තුළ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් දස ලක්ෂ 99,092 දෙනෙකුට ලබා දී තිබේ. ඊයේ දිනය තුළ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 6,828 ක්.

    මෙරට පුද්ගලයින් 396 දෙනෙකුට ඊයේ දිනයේ කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. ඒ අනූව ඊයේ 73,284 දෙනෙකුට එන්නත් ලබාදී තිබේ. 

    කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක එන්නත්කරණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජූනි 2021 12:30

    Latest News