තවත් එක් ලක්ෂ 73,988කට ඊයේ සයිනොෆාම් එන්නත

ජූලි 13, 2021

    මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් 173,988 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී ලබා දී තිබේ.

    ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන තිස් එක් ලක්ෂ 28,403 ක් වන බවයි, සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

    මේ අතර ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 40,276 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී තිබේ. ඒ අනූව සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව එකොළොස් ලක්ෂ 4,496 ක්.

    එමෙන්ම, ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ පුද්ගලයින් 13,357 දෙනෙකුට ලබාදී තිබෙන අතර ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 4,725 දෙනෙකුට ලබාදී ඇත.

    කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාවද ඊයේ පුද්ගලයින් 180 ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.

    ඒ අනුව මෙරට ඊයේ (12) කොවිඩ් එන්නත් ලබාදුන් මුළු සංඛ්‍යාව 232,526ක් වෙයි.

    0de530b435c0329eed9f10c1c555c632

    Last modified on අඟහරුවාදා, 13 ජූලි 2021 10:11

    Latest News