හැමිල්ටන් ඇළේ සැඩ පහරට හසුව දරුවෙක් අතුරුදන්

ජූනි 04, 2021

    පවතින ගංවතුර තත්වය හේතුවෙන් මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවුරුදු 15ක පාසල් දරුවෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

    ඔහු කුඩා වැව ප්‍රාථමික විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ සිසුවෙක්.

    දරුවා අද අලුයම 5.30ට පමණ කිසියම් අවශ්‍යතාවයක් සඳහා හැමිල්ටන් ඇළ ආසන්නයට යන විට සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ. ඥාතියෙකු දරුවා බේරාගැනීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ වී තිබේ.

    අතුරුදන් දරුවා සොයා ගැනීමට නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදවන බවයි, මාරවිල පොලීසිය පවසන්නේ.

    Last modified on සිකුරාදා, 04 ජූනි 2021 12:02

    Latest News