කපිතාන් ඇතුළු 13 දෙනෙක්ගෙන් ප්‍රකාශ ලබාගැනේ

ජූනි 04, 2021

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ සිද්ධිය සම්බ්න්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නැවේ කපිතාන්වරයා ඇතුළු 13 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රස පරීක්ෂකවරයා සමග අද නැව පරීක්ෂා කිරීමට යාමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

    මේ අතර ධීවර කර්මාන්තයේ නියැලීමට නොහැකි පවුල් සඳහා කඩිනමින් සහන සලසන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    කොවිඩ් හමුවේ ජනතාව මුහුණ දී සිටින ගැටලු පිළිබඳ සාකච්ජා කිරීම සඳහා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

    වවුනියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මේ අවස්ථාවට එක්ව සිටියේය.

    Last modified on සිකුරාදා, 04 ජූනි 2021 13:58

    Latest News