වියට්නාමයේ සිට එන සංචාරකයින්ට මෙරටට ඇතුළුවීම තාවකාලිකව තහනම්

මැයි 31, 2021

    පසුගිය දින 14 තුළ වියට්නාමයේ සංචාරය කර ඇති ගුවන් මගීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට පැමිණීම මේ මොහොතේ සිට තාවකාලිකව තහනම් කර ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරයි.

    එම තහනම නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක බවත් ඒ සම්බන්ධයෙන් සියලුම ගුවන්සේවා සමාගම වෙත දැනුම් දී ඇති බවයි, එම ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසන්නේ.

    වියට්නාමයේ මේ දිනවල සීඝ්‍රයෙන් කොවිඩ් වෛරස ප්‍රභේදයක් පැතිරයාම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. 

     

     

     

    Last modified on සදුදා, 31 මැයි 2021 15:00

    Latest News