ශ්‍රී ලංකාවෙන්,අප්‍රිකානු රටවල් කිහිපයකට සංචාරක තහනමක්

නොවැ 27, 2021

    දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති නව කොවිඩ් ප්‍රභේදයවන ‘ඔමික්‍රෝන් ‘‍‍‍ හේතුවෙන් ශ්‍රී ලංකාව අද (27) මධ්‍යම රාත්‍රී 12.00 සිට නැවත දැනුම්දෙන තුරු දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියා, සිම්බාබ්වේ හා ස්වාසිලන්තය යන රටවල සිට පැමිණෙන මගීන්ට, මෙරටට ඇතුළු වීම තහනම් කර තිබේ.

    අවසන් දින 14ක කාලය තුළ එලෙස පැමිණි කිසිවෙකු හෝ සිටී නම් නිරෝධායනයට යොමුවන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉල්ලීමක් කර සිටියි.

    සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAA) ප්‍රකාශ කළේ දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, නැමීබියාව, බොට්ස්වානා, ලෙසෝතෝ සහ එස්වාටිනි යන රටවල සංචාරකයින් සඳහා මෙම තහනම පනවා ඇති බවයි.

    නව ප්‍රභේදය ප්‍රථම වරට නොවැම්බර් 24 වන දින දකුණු අප්‍රිකාවේදී අනාවරණය වූ අතර බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං සහ ඊශ්‍රායලයෙන්ද හඳුනාගෙන තිබේ. රටවල් ගණනාවක් දැනටමත් දකුණු අප්‍රිකාවට සහ ඉන් පිටතට ගමන් කිරීම තහනම් කර හෝ සීමා කිරීමට පියවර ගෙන ඇත.

    ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, මුලින් B.1.1.529 ලෙස නම් කරන ලද මෙම ප්‍රභේදයේ සිද්ධීන් සංඛ්‍යාව දකුණු අප්‍රිකාවේ සියලුම පළාත්වල වැඩිවෙමින් පවතින බවක් නිරීක්‍ෂණය වී ඇති බවයි.

    එය විකෘතිතා රැසකින් සමන්විත අතර නැවත නැවතත් වැළඳීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව අනාවරණය කර ගෙන ඇත.

    Last modified on සෙනසුරාදා, 27 නොවැම්බර් 2021 10:47

    Latest News