රටවල් කිහිපයක ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක සීමා ලිහිල් කෙරේ

අගෝ 26, 2022

    ප්‍රංශය, ස්විස්ටර්ලන්තය, නෝවේ සහ එක්සත් රාජධානිය, ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක සීමා ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම රටවලට සිය ප්‍රශංසාව පළ කරනු ලැබුවා.

    ඉකුත් මැයි මාසයේ සිට මෙරට රාජ්‍ය විරෝධි විරෝධතා සහ නොසන්සුන්තා නිසා රටවල් කිහිපයත් ශ්‍රී ලංකාවට පැමිණීමට එරෙහිව උපදෙස් ලබා දී තිබුණා. කෙසේ වුවද මේ වන විට බොහෝ රටවල්
    ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය සංචාර හැර අන්සියල්ලට පනවා තිබූ උපදේශනයන් සංශෝධනය කිරීමටයි, පියවර ගෙන ඇත්තේ. එම රටවල් ශ්‍රී ලංකාවට පැමිණීමට ඇති සංචාරක සීමාවන් ලිහිල් කිරීම සතුටට කරුණක් බව, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. මෙය සාධනීය පියවරක් බවත්, එමගින් ඉදිරි මාස කිහිපය තුළ මෙරට සංචාරක සමය හොදින් ක්‍රියාත්මක වනු ඇතැයි, තමන් විශ්වාස කරන බව, අමාත්‍යවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන්.

    Latest News