සහරාන්ට සහය දුන් විවාහ රෙජිස්ට්‍රාර්වරයෙක් අත්අඩංගුවට

මැයි 31, 2021

    2017 වසරේ දී සහරාන් හෂීම් සහ තවත් පුද්ගලයින් පිරිසකට රැකවරණය සැලසීම හා අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට සම්බන්ධ සැකකරුවෙක් ඔලුවිල් ප්‍රදේශයේ දී ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    55 හැවිරිදි සැකකරු විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ලෙස කටයුතු කළ අයෙකු බව පොලීසිය පවසයි.

    කාන්තන්කුඩි ප්‍රදේශයේ දී සහරාන් ඇතුළු පිරිස තවත් කණ්ඩායමක් සමඟ ගැටුමක් ඇතිකර ගැනීමෙන් පසු පළා ගොස් සැඟව සිට ඇත්තේ ඊයේ (30) අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ බවට අනාවරණය වී ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඔහුගේ නිවසේ රැකවරණ ලැබු පුද්ගලයන් දෙදෙනෙකු මීට පෙර පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    Latest News