සංචරණ සීමා හමුවේ ප්‍රත්‍ය පහසුකම් ලබාගැනීම දුෂ්කර විහාරස්ථාන සඳහා පහසුකම් සැලසීමට පියවර

මැයි 30, 2021

    සංචරණ සීමා හමුවේ ප්‍රත්‍ය පහසුකම් ලබාගැනීම දුෂ්කර වී ඇති විහාරස්ථාන සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන තිබේ.

    ඒ, අනුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සියළු ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දන්වා ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරින් මගින් ඒ සම්බන්ධ තොරතුරු ලබාදෙන ලෙසයි.

    අමාත්‍යාංශ ලේකම්, අතිරේක ලේකම්- පාලන සහ සංවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් අමතා තොරතුරු ලබාදිය හැකියි. මෙය ක්‍රියාවට නංවනු ලැබ ඇත්තේ ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුවයි.

    Latest News