සහරාන් හෂිම්ගෙන් අන්තවාදී පන්තිවලට ගිය තරුණියක් අත්අඩංගුවට

පෙබ 20, 2021

    2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රාහරය සැලසුම් කළ සහරාන් හෂිම්ගේ අන්තවාදී පුහුණු පන්ති සඳහා සහභාගී වූ තරුණියක් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.

    එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිද තරුණියකි.

    සහරාන් හෂීම් කාන්තාවන්ද සිය අන්තවාදී ඉගැන්වීම් කෙරෙහි ආකර්ෂණය කරගෙන තිබෙන අතර එවැනි කාන්තාවන් 06 දෙනෙක් පසුගිය දෙසැම්බර් 07 වැනි දින ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණු අතර මේ වන විට ඔවුන් පසුවන්නේ බන්ධනාගාරගතවය.

    මෙම සැකකාරිය මේ වන විට ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත රැගෙනවිත් ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

    Latest News