ගිනිගත් නැවෙන් වෙරළට එන ද්‍රව්‍ය ඇල්ලීමෙන් වළකින්නැයි දැනුම් දෙයි

මැයි 25, 2021

    කොළඹ වරායට පිටතින් නැංගුරම්ලා ඇති ගිනි ගනිමින් පවතින එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහාලුම් කිහිපයක් මුහුදට වැටී තිබේ.

    සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනි ලහදුපුර මහත්මිය සඳහන් කළේ, එම බහාලුම්වල අන්තරායකර රසායනික ද්‍රව්‍ය අඩංගු බවයි.

    එබැවින් එම බහාලුම් හෝ වෙරළට පාවී එන කිසිඳු ද්‍රව්‍යයක් ඇල්ලීමෙන් වළකින්නැයි ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    එසේම යම් දෙයක් නිරීක්ෂණය වුවහොත් ඒ බව ශ්‍රී ලංකා නාවික හමුදාවට හෝ පොලීසියට දැනුම්දෙන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම්දෙයි.

    Latest News