වෙළෙඳ කලාප සේවකයින්ට කාලපය තුළම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්...

මැයි 25, 2021

    සංචරණ සීමා පැනවීම හේතුවෙන් ආදායම් අහිමි වන ජනතාවට එළැඹෙන 31 වැනිදාට පෙර සහන සැලසීමේ ක්‍රමවේදය සකස් කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    කොරෝනා වෛරසය ආසාදනය වන නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් සඳහා එම වෙළඳ කලාප තුළම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට ආයෝජන මණ්ඩලය තීරණය කර ඇත. වෛරස ව්‍යාප්තිය හා අවශ්‍යතාවය අනුව පෞද්ගලික අංශයේ ද සහය ඇතිව මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීම සිදු කෙරෙයි.

    එම වැඩපිළිවෙලෙහි පළමු ප්‍රතිකාර මධ්‍යස්ථානය කටුනායක වෙළෙඳ කලාපය ආශ්‍රිතව ගොඩනංවා තිබේ.

    ජාතික තරුණ සේවා සභාවේ අනුග්‍රහය ඇතිව එම ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා ඇදන් 300ක් භාරදීම සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදු කෙරිණි.

    එහිදී අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා "

    කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකා බලමින් ආයෝජන කලාප සේවක සංගම් හා නිලධාරීන් සමඟ සම්බන්ධ වෙමින් ආසාදනයට ලක්වන සේවක සේවිකාවන්ට පහසුකම් සපයන වැඩපිළිවෙළක් ආයෝජන මන්ඩලයේ නායකත්වයෙන් ආරම්භ කලා. වෛරස් ආසාදනයට ලක්වූ ආයෝජන කලාප සේවක සේවිකාවන් බොහෝ දෙනෙකු නිවෙස් වල රැඳී සිටිනවා. මේ අතරම ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇති කරන්නේ ඔවුන් සඳහායි.

    සෞඛ්‍ය අංශ නිර්දේශ පිළිගනිමින් ජනාධිපතිතුමා සංචාරක සීමා පැනවීමට පියවර ගත්තා.

    රට වසා දාන එක එකවරම කරන්න බැහැ. විසිතුරු මත්ස්‍ය අපනයනය යෙදෙන ව්‍යාපාරිකයින් සිටිනවා. ඔවුන්ගේ ඇනවුම් ප්‍රමාද වුණොත් කෝටා එක නැතිවෙනවා. විශාල ණය ලබා ගනිමින් කර්මාන්තශාලා ආරම්භ කර තිබෙනවා. මේ කර්මාන්ත කර්මාන්ත ශාලා වලට ඇණවුම් නිසි පරිදි භාර දීමට නොහැකි වුනොත් ඔවුන්ගේ කොට අහිමි වෙනවා. ඒ වගේම එදිනෙදා ආදායම් ලබන අයට ඔවුන්ගේ ආදායම් අහිමි වෙනවා.

    කඩයක් දාගෙන ජීවත්වෙන මිනිහට ආදායම නැති වෙනවා. දෙයක් කරනකොට අනිත් පැත්තෙන් වෙන බලපෑම දෙස බලමින් ක්‍රමානුකූල වැඩපිළිවෙළක් හදන්න ඕනේ. සෞඛ්‍ය අංශ රට වහන්න ලෙස උපදෙස් දෙනකොට විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ සෑම අංශයකම ජනතාවට සාධාරණ වන ලෙස තීරණ ගන්න සිද්ධ වෙනවා. " පැවසීය.

    Latest News