ගිනිගත් නැවෙන් පරිසර හානියක් සිදුව ඇත්දැයි සොයාබැලේ

මැයි 22, 2021

    කොළඹ වරාය ආසන්නයේ මුහුදු ප්‍රදේශයේ ගිනි ගැනීමට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවෙන් පරිසර හානියක් සිදුව ඇද්ද යන්න පිළිබඳ සොයා බැලීමට කටයුතු කර තිබේ.

    සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය එම පියවර ගෙන ඇත.

    සිංගප්පූරුවේ ලියාපදිංචි “එක්ස්ප්‍රස් පර්ල්” නම් රසායනික ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ අදාළ නෞකාව කොළඹ වරායට නාවික සැතැපුම් 10ක් පමණ දුරින් වු මුහුදු ප්‍රදේශයේ නැංගුරම් ලා තිබියදී එහි හදිසි ගින්නක් හටගෙන තිබුණි.

    මේ අනුව නිලධාරි කණ්ඩායමක් අදාළ ප්‍රදේශය වෙත පිටත්කර හැරීමට පියවර ගන්නා බව එහි සභාපති නීතිඥ දර්ශනී දහදපුර මහත්මිය සඳහන් කර තිබේ.

    Latest News