වරාය හා අවට ආරක්ෂාව තරකරන්න; ඇමති සාගල

පෙබ 06, 2019

    වරායේ ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අදාළ සියලු ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 

    රටේ වත්මන් තත්ත්වයට ගැළපෙන පරිදි වරාය ආශ්‍රිතව නව ආරක්ෂක සැලසුමක් වහාම සකස් කරන ලෙස ද එය ක්‍රියාවට නංවන ආකාරය සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙස ද අමාත්‍යවරයා අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දැනුම් දී තිබේ.

    එමෙන්ම වරාය අධිකාරියේ සියලු ගනුදෙනු නියමිත ටෙන්ඩර් පටිපාටි සහ ප්‍රසම්පාදන ක්‍රියාවලින්වලට අනුකූලව සිදු විය යුතු බව ප්‍රකාශ කළ රත්නායක මහතා ඒවා 100% පාරදෘශ්‍ය විය යුතු බව ද අවධාරණය කොට තිබේ.

    නම් විකිණීම, අතයට ගනුදෙනු සහ රහසිගත සාකච්ඡා හරහා වරායේ කිසිදු ගනුදෙනුවක් සිදු නොවිය යුතු බව ප්‍රකාශ කළ රත්නායක මහතා මෙම පාරදෘශ්‍යභාවය සුරැකීම අමාත්‍යවරයා ලෙස සිය ප්‍රධානම රාජකාරිය බව ද ප්‍රකාශ කළේය.

    අමාත්‍ය රත්නායක මහතා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (05 වැනිදා) අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලයේ දී පැවැත්විණි.

    Latest News