වරායෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මුදා හැරීමට වැඩපිළිවෙළක්

මාර් 28, 2020

    වරාය පරිශ්‍රයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින් මුදා හැරීම සඳහා ඉතා සුපරික්ෂාවෙන් යුත් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.

    කොරෝනා වෛරසය කෙරෙහි රටේ වැඩි අවධානයක් යොමුකර ඇති මේ අවස්ථාවේ නීති විරෝධී මත් ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේ අවදානමක් පවතින බවයි, රේගු දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
    බහාලුම් නිෂ්කාශනයේ දී ඇති වී තිබෙන ගැටළු නිරාකරණය සඳහා රේගුව පියවර රැසක් ගෙන තිබේ. රේගු මූලස්ථානය වෙත පැමිණෙන පිරිස අවම කිරීම සඳහා ඔන්ලයින් ඔස්සේ තොරතුරු ප්‍රකාශන ලබා දීම සහ ගෙවීම් කටයුතු කිරීමේ පහසුකම් සලසාදීමට නියමිතයි. එහෙත් බහාලුම් පරීක්ෂණ ස්ථානවලට අදාළ ව්‍යාපාරිකයාගේ නියෝජිතයෙකු සහභාගීකර ගැනෙයි.

    දිනකට බහාලුම් 200ත් 300ත් අතර සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රේගුව මගින් මේ දිනවල මුදා හැරෙන අතර එහිදී ආහාර, පොහොර, ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ප්‍රමුඛතාව ලබා දීමටයි, පියවර ගෙන ඇත්තේ. මහජනතාවට ප්‍රමාදයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීම වැඩපිළිවෙළේ අරමුණ බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් මහතා සඳහන් කරයි.

    Last modified on සෙනසුරාදා, 28 මාර්තු 2020 14:39

    Latest News