වරදකරුවන් භාර දීමේ පනත යටතේ නියෝගයක් සහ නියමයක් විවාදයට

පෙබ 06, 2019

    වරදකරුවන් භාර දීමේ පනත යටතේ නියමය සහ ණය සහනදායක ආඥාපනත යටතේ නියෝගයක් අද (6)  පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණ.

     ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට්  නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා නියෝගය සහ  නියමය සම්බන්ධයෙන් වූ විවාදය ආරම්භ කළේ ය.

    විදෙස් රටක පුරවැසියෙකු මෙරට දී වැරදිකරුවෙකු වී  ඇත්නම් එම රටට භාරදීමටත් යම් රටක වරදකරුවෙකු වූ ශ්‍රී  ලාංකිකයකු මෙරටට ගෙන්වා ගැනීමටත් මෙමඟින් අවශ්‍ය  නීති ප්‍රතිපාදන ලබාගැනීම වරදකරුවන් භාර දීමේ පනත  යටතේ නියමයෙන් බලාපොරොත්තු වෙයි.

    ණය ගෙවීමේ දී,ණය සහනදායි ආඥා පනත යටතේ සිදු  කරන්නේ, උකස් ගිවිසුම්, පොරොන්දු සින්නක්කර වැනි  බැංකු නොවන ආයතනවලින් ලබාගත් මේ යටතට  ගැනේ. මෙහිදී පොලී කපා දැමීමට, වාරික වශයෙන් ගෙවීමට  අනුමැතිය ලබේ. එමෙන්ම ණය සහනදායක මණ්ඩලයේ  සාමාජිකයන්ට ගෙවන මුදල් සංශෝධනය කිරීම සිදු  කෙරේ.

    මෙහිදී සභාපතිවරයාට, සාමාජිකයන්ට ගෙවන දීමනා  වැඩි කෙරෙන බව ද මෙම අයට ගෞරවයෙන් කටයුතු කිරීමට, ධෛර්යමත් කිරීමට, සාධාරණ ගෙවීමක් සිදු කළ යුතු බව ද  කැබිනට්  නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පැවසී ය.

     

    Last modified on බදාදා, 06 පෙබරවාරි 2019 18:15

    Latest News