නිරෝධායන නීතිකැඩූ තවත් 340 දෙනෙකු අත්අඩංගුවට

මැයි 19, 2021

    දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 340 දෙනෙක් ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, මුහුණු ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    ඒ අනූව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 10,413ක් වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    මේ අතර ඊයේ දින බස්නාහිර පළාතේ සවස 3 සිට සවස 6 දක්වා වු කාලය තුළ සිදුකළ මෙහෙයුමක දී ජාතික හැඳුනුම්පත් අංකයට අනුගතව කටයුතු නොකළ පුද්ගලයින් 99 දෙනෙක් නිරෝධායන රීතින් යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ අතර ජාතික හැදුනුම්පතේ අවසන් අංකය අනූව නිවෙස්වලින් පිටවීම සඳහා ලබාදී ඇති ක්‍රමවේදය උල්ලංඝණය කළ 99 දෙනෙකු ද ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    Latest News