"උරුජුවා" පොලිස් වෙඩි පහරින් මරුට

මැයි 12, 2021

    සංවිධානාත්මක අපරාධ රැසක් සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි මාඹුලගේ දිනෙත් මෙලාන් මාඹුල නොහොත් ඌරුජුවා නමැත්තා පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ අවස්ථාවේ පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.

    අප වාර්තාකරු සඳහන් කළේ, සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරු නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අතර ඒ වන විට ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඌරුජුවා නමැත්තා නවගමුව පොලීසිය විසින් ගාල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු එම ප්‍රදේශයේන පලාගොස් කඩුවෙල,බණ්ඩාරවත්ත ප්‍රදේශයේ සැඟව සිටියදී, අත්අංඩංගුවට ගැනීමට හැකිවිය.

    පොලීසිය ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී මීට පෙර ජීවිතක්ෂයට පත් සමයං නමැත්තාගේ නිවසේ තිබී මොහු සතු ගිනි අවි කිහිපයක් සොයා ගනු ලැබීය. මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක්,උණ්ඩ 6ක්,ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ කඩු 5ක් ඒ අතර වෙයි. සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේ දි නවගමුව, වදුරම්මුල්ල ප්‍රදේශයේ කැලෑබද පාලුවට ගොස් ඇති ඔහු සතු නිවසක පිටුපස වල දමා තිබූ අත්බෝම්බ 6ක් පොලීසිය ඊයේ සොයා ගෙන තිබේ.

    ඒ නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු කණ්ඩායමක් සැකකරුගෙන් ලද තොරතුරු මත කළ සෝදිසි පරීක්ෂාවක දී වෙන් වෙන්ව වල දමා තිබූ අත්බෝම්බ 4ක් පොලීසිය වෙත පෙන්වා සඟවා තිබූ තවත් අත්බෝම්බ දෙකකින් එකක් ගෙන පොලිස් ස්ථානාධිපතිවරයාට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙද්දී, අසළ සිටි පොලිස් නිලධාරියෙක් සැකකරුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

    ඉන් තුවාල ලැබූ සැකකරු නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අතර ඒ වන විට ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

    Last modified on බදාදා, 12 මැයි 2021 09:02

    Latest News