පළාත් අතර සංචරණය අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණයි

මැයි 12, 2021

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා තහනම ක්‍රියාත්මක කෙරුණු අතර ඒ අනූව අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණෙන පුද්ගලයින් හැර සෙසු පුද්ගලයින්ට පළාත් අතර සංචරණය තහනම් වෙයි.

    අත්‍යවශ්‍ය රාජකාරී සදහා පැමිණෙන පුද්ගලයින්ට සිය රාජකාරී හැදුනුම්පත අවසර පත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි පොලීසිය පවසන්නේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ, මේ අතර වෙළදසැල් ඇතුළු අනෙකුත් ආයතන සහ පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් පනවා ඇති නිරෝධායන රෙගුලාසි අද සිට දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

    Latest News