කිතුල්ගල රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයක්..

මැයි 07, 2021

    කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කළුතර නව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හා සූක්ෂම ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම ආරම්භ කර තිබේ.

    ඒ අනූව කළුතර,අලුත්ගම නගරයේ පිහිටි සීනවත්ත ප්‍රාදේශීය රෝහලේ ඉදිවන නව ගොඩනැගිල්ල කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හා සූක්ෂම ප්‍රතිකාර ඒකකයක් ලෙස ස්ථාපනය කිරීම මේ දිනවල සිදුවෙයි. මෙම සූක්ෂම ප්‍රතිකාර ඒකකය ඇදන් 30කින් සමන්විතය ලෙස ඉදිකිරීමට නියමිතයි.

    එමෙන්ම,බේරුවල ප්‍රදේශයේ පිහිටි ජාමියා නලිමියා විද්‍යාපීඨය ද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මේ දිනවල ඉදි කෙරෙමින් පවතියි. එහි ඇඳන් 300කින් සමන්විත නව ප්‍රතිකාර ඒකකය පිහිටුවීමට නියමිතයි.

    මෙම ස්ථාන දෙකෙහිම ඉදිවන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සියලු වෛද්‍ය අධීක්ෂණ කටයුතු කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් හා කාර්යමණ්ඩලය යටතේ ක්‍රියාත්මකයි. මෙහි ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් ජනක ගීගනගේ මහතා ඊයේ දින එම ස්ථාන පරීක්ෂා කිරීම සිදු කෙරිණ.

    මේ අතර, කිතුල්ගල ප්‍රාදේශීය රෝහලේ වාට්ටු 4ක් අද දින සිට කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් වෙන් කර තිබේ. එහි ආසාධිතයන් 100කට අවශ්‍ය පහසුකම් සැපයෙන අතර යුධ හමුදාව විසින් වාට්ටු සූදානම් කිරීමේ කටයුතු සිදු කෙරේ.

    Latest News