සිංහල අවුරුද්දට සෙනග පිරුණු පමුණුව වසා දමයි

මැයි 05, 2021

    පසුගිය සිංහල අවුරුදු සමයේ රෙදිපිළි මිල දී ගැනීමට ජනයා විශාල වශයෙන් පැමිණි මහරගම පුමුණුව ප්‍රදේශය අද හුදකලා කෙරිණ.

    අප්‍රේල් මස මුල සිට සිංහල අවුරුදු සමය දක්වා ඉතා විශාල ජනකායක් මෙම ප්‍රදේශයට පැමිණ රෙදිපිළි මිල දී ගත් බවත්, දැනටමත් රෝගීන් රැසක් මෙම ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති බවත් මහරගම සෞඛ්‍ය පරීක්ෂක තුසිත ශ්‍රී රාම මහතා පවසයි.

    රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    Latest News