බූස්ස කඳවුරේ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

මැයි 05, 2021

    ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුල ඇඳන් 162කින් සමන්විත 'කොවිඩ් 19' අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික හමුදාව විසින් ඊයේ (04) ස්ථාපනය කෙරිණි.

    ආධුනික නාවිකයන් පුහුණු කිරීම සදහා බූස්ස නාවික හමුදා කඳවුර තුල භාවිතා කරන ලද සිව් මහල් (04) ගොඩනැගිල්ලක් ජාතික අවශ්‍යතාවය මත නාවික හමුදාව විසින් මෙලෙස 'කොවිඩ් 19' අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් පරිවර්ථනය කරන ලදී.

    මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වාට්ටු 12කින් සමන්විතවන අතර, එහි ඇඳන් 150ක පහසුකම් ලබාදීමේ හැකියාව පවතී.

    එමෙන්ම මෙහි ඇඳන් 12කින් සමන්විත විශේෂ ප්‍රථිකාර ඒකකයක්ද (High Dependency Unit- HDU) ස්ථාපනය කර ඇති අතර, මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රෝගීන් ඇතුලත්කර ගැනීම ඊයේ (04) සිට ආරම්භ කෙරිණි.

    තවද, නාවික හමුදාව විසින් මෙම ප්‍රතිකාර ඒකකය සඳහා නාවික හමුදා වෛද්‍යවරුන් දෙදෙනෙක් ඇතුළු වෛද්‍ය කාර්යය මණ්ඩලයක් අනුයුක්ත කර තිබේ.

    Latest News