නෝර්වුඩ්වලින් තවත් ආසාදිතයින් 14ක්

මැයි 05, 2021

    හුදකලා සහ සංචරණ සිමා පනවා ඇති නොර්වුඩ් ප්‍රදේශයෙන් තවත් අසාදිතයන් 14 දෙනෙකු හමුවී ඇති බව, බගවන්තලාව වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පවසයි.

    එම ප්‍රදේශවලින් මීට පෙර 'කොවිඩ් 19' වෛරසය අසාදනය වු අසාදිතයන් 31 දෙනෙකු හමු වී ඇති අතර , එම අසාදිතයන් මේ වන විට නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති.

    හුදකලා කර ඇති ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක සේවය කල සේවක සේවිකාවන්ටයි මෙසේ 'කොවිඩ් 19' වෛරසය අසාදනය වී ඇත්තේ.

    සංචරණ සිමා පනවා ඇති සහ හුදකලා කර ඇති ප්‍රදේශවල 180 දෙනෙකු පී.සී.ආර් පරික්ෂණයට භාජනය කල බවත්,එම පී.සී.ආර් පරික්ෂණ වාර්තා ලැබෙමින් පවතින බවයි මහජන සෞඛ්යි පරික්ෂකවරයා කියා සිටියේ.

    බගවන්තලාව නගරයේ සැලූන් ආයතනයක අයිතිකරුට 'කොවිඩ් 19' වෛරසය අසාදනය විම නිසා එම ස්ථානය තාවකාලිකව වසා දමා තිබේ. එම අසාදිතයාගේ ළගම ආශ්‍රිතයින් සහ එම ස්ථානයට පැමිණි පාරිභෝගිකයන්ද ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බවයි, මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

    Latest News