ආධුනික නාවිකයින් 291 දෙනෙක් බූස්සේ දී විසිර යයි

අප්‍රේ 24, 2022

    ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 244 වැනි බඳවා ගැනීමට අයත්, ආධුනික නාවිකයන් 291 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව නිමකොට පසුගියදා 22 වැනි දා ගාල්ල බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

    එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න මහතා සහභාගී විය. මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් ඇගයීම උදෙසා එහිදී කුසලාන ප්‍රධානය කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිදු කෙරිණි.

    ඒ අනුව, 244 වැනි බඳවා ගැනීමේ විශිෂ්ටතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි පීඒටී ධනංජය හිමි කර ගැනුණු, සියලුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි ඩබ්ඒඑච්ඩී මදුසංක හිමිකර ගන්නා ලදී.

    තවද, හොඳම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි එස්එම් සම්පත් විසින් ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි ජේඑම්ඩීඩී ජයසිංහ විසින් ද, දක්‍ෂතම පිහිනුම්කරුට හිමි කුසලානය ආධුනික නැවි එස්පී ද සිල්වා විසින්ද හිමි කර ගැනිණ.

    244 වැනි ආධුනික බඳවා ගැනීමට අයත් දක්ෂතම අංශයට හිමි කුසලානය ‘විජයබාහු’ අංශය විසින් හිමි කර ගැනිණ.

    Latest News