නිරෝධායන සහ අතරමැදි මධ්‍යස්ථානවලත් ප්‍රතිකාර කටයුතු අද ඇරඹේ

මැයි 03, 2021

    කොරෝනා ආසාදිතයින් රඳවා තැබෙන අතරමැදි මධ්‍යස්ථානවල කොරෝනා ප්‍රතිකාර කටයුතු අද සිට ආරම්භ කෙරේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ, යුද හමුදාව මගින් පාලනය වූ නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක්ද කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන රෝහල් ලෙස මෙලෙස යොදා ගෙන ඇති බවයි.

    ඇතැම් ප්‍රදේශවල රෝහල්වල ඉඩ පහසුකම් නොමැතිවිම හේතුවෙන් ආසාදිතයින් ලෙස හදුනා ගැනෙන පුද්ගලයින් රෝහල්වෙත යොමුකරන තෙක් දින දෙකක පමණ කාලයක් නිවසේ රඳවා සිටීමට සිදුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

    කුරුණෑගල, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කළේ.

    Latest News