ඉන්දීය සංක්‍රමණ වැළැක්වීමට මුහුදු සීමාවට දැඩි ආරක්ෂාවක්

මැයි 03, 2021

    මුහුදු මාර්ගයෙන් ඉන්දිය ජාතිකයින් දිවයිනට පැමිණීම වැළැක්වීම සඳහා මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව තරකර තිබේ.

    ඒ ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දකුණු ඉන්දියාවේ සිට පුද්ගලයින් ශ්‍රී ලංකාවට පැමිණෙන බවට තොරතුරු වාර්තාවීමත් සමගයි.

    එය සැළකිල්ලට ගනිමින් නාවික හමුදා ආරක්ෂක වලලු තර කිරීමට පියවර ගත් බවයි, යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

    මේ සම්බන්ධයෙන් මෙරට ධීවර ප්‍රජාවද අවධානයෙන් සිටිය යුතු බවයි, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    Latest News