'මුලතිව් නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට නව යාන්ත්‍රණයක්'

අප්‍රේ 21, 2021

    මුලතිව් මුහුදේ සිදුවන ලයිට් කෝස්පන්න ක්‍රමය නතර කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    දිගින් දිගටම සිදුවන මෙම නීති විරෝධී පන්න ක්‍රමය නතර කිරීමට නාවික හමුදාව හා ධීවර පරීක්ෂකවරුන් එක්ව සෝදිසි මෙහෙයුම් දියත් කරන අතර ජාති ආගම් භේද නොතකා නීති විරෝධි පන්න ක්‍රමවල යෙදෙන සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර සංගම් කිහිපයක නියෝජිතයන් අමාත්‍යවරයා හමුවී තම ප්‍රදේශයේ ධීවර සම්පත් නෙළා ගැනීමට ලංකාවේ දකුණු ප්‍රදේශයේ ධීවරයන් පැමිණ ලයිට් කෝස් ක්‍රමයට මසුන් ඇල්ලීම නිසා තම ධීවරයන්ට කර්මාන්තය කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවට, අමාත්‍යවරයා පැහැදිලි කිරීමෙන් අනතුරුවයි.

    මෙම අවස්ථාවට නැගෙනහිර නාවික ආඥාපති වයිස් අද්මිරාල් වයි.එම්.ජයරත්න,ධීවර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කැලිස්ටන්, මුලතිව් දිස්ත්‍රික්ක ධීවර සමුපකාර සංගමයේ සභාපති, මුලතිව් ග්‍රාමීය ධීවර සම්මේලනයේ සභාපති තීක්ෂණ මහතා යන අයගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

    Last modified on බදාදා, 21 අප්‍රේල් 2021 10:56

    Latest News