උතුරු මුහුදේ නීති විරෝධි ධීවර කටයුතු ගැන ආරක්‍ෂක අංශ දැනුවත් කෙරේ

මැයි 14, 2021

    උතුරු මුහුදේ සිදුවන නීති විරෝධි ධීවර කටයුතු මර්දනය සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශ දැනුවත් කිරීමේ හමුවක් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.

    ඒ, ඔහුගේ යාපනය සම්බන්ධිකරණ කාර්යාලයේදී. ලයිට්කෝස්, ඩයිනමයිට් හා මාදැල් යොදා ගන්නා ට්‍රැක්ටර් ක්‍රමය මගින් මුහුදේදී ධීර සම්පත් විශාල ලෙස විනාශ වන බවට ඒ පිලිබඳ පරීක්‍ෂණ කළ කණ්ඩායම් තමා දැනුවත් කළ බව අමාත්‍යවරයා පැවසීය.

    මේ තත්වය අඛණ්ඩව පැවතියහොත් අනාගත පරපුරට මුහුදු සම්පත් ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමනිසා ආරක්‍ෂක අංශ සෘජුවම මීට මැදිහත් වී සෝදිසි කිරීම් කළ යුතු බව අමාත්‍යවරයා කියා සිටියේය.

    ඊට, නාවික හමුදාවේ හා වෙරළාරක්‍ෂක බලකායේ දායකත්වය ලබාගැනීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ජා කෙරිණ. 0217 508 055/ 0113 091 815/ 0267 769 100 යන දුරකතන අංක අමතා උතුරු මුහුදේ සිදුවන සියලු නීති විරෝධි ක්‍රියා ආරක්‍ෂක අංශ වෙත දැනුම් දිය හැකි බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    Last modified on සිකුරාදා, 14 මැයි 2021 18:33

    Latest News