කෑගල්ල නගරයේ බැංකුවක් කොවිඩ් නිසා වැසේ

අප්‍රේ 20, 2021

    කොවිඩ් - 19 වෛරසය අසාදනය වූ සේවක සේවිකාවන් තිදෙනකු හමුවීමත් සමග කෑගල්ල රජයේ බැංකුවක ප්‍රධාන ශාඛාව වසා දමා තිබේ.

    බැංකුවේ සේවය කරන අයකු අසනිප වීම නිසා පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට යාමෙන් අනතුරුව කොවිඩ් වෛරස පරීක්ෂාවේ දී ආසාදිතයෙක් බවට තහවුරු වී ඇත.

    එම බැංකුවේ ඊයේ සේවයට පැමිණි කාර්ය මණඩල සාමාජිකයන් 28 දෙනකු PCR හා ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබීය.

    එහිදි තවත් 3 දෙනකු ආසාදිත බවට තහවුරු විය.

    ඒ අනූව එම බැංකුවේ 40 පමණ සේවක මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පියවර ගනු ලැබීය.

    බැංකු පරිශ්‍රය සම්පූර්ණයෙන් විෂබීජානුහරණය කර නව සේවක මණ්ඩලයක් යොදා සේවය ආරම්භ කිරීමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබුනත් අද 20 දිනයේත් බැංකුව වසා දමා තිබේ.

    මේ පිළිබඳව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ PCR පරීක්ෂණය ප්‍රථිපල අද 20 දින ලැබෙන බවත් ඒ අනුව ඉදිරි පියවර ගන්නා අතර අසාදිත බවට තහවුරු වූ අය ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කල බවයි. 

    Latest News