කෑගල්ලට පළගැටි උවඳුරක්

ජූනි 03, 2020

    කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා කොට්ඨාස තුනක පළගැටි උවඳුර ව්‍යාප්ත වෙමින් පවතියි.

    කෑගල්ල දිස්ත්‍රික් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා එම් එල් රාජපක්ෂ මහත්මිය පවසන්නේ, කහතිත් පළගැටියා නමින් මෙම සත්ව විශේෂය හැඳින්වෙන බවයි.

    පොල් සහ රබර් වගාවන් ආශ්‍රිත පලෑටිවල මොවුන් බහුලව දැකිය හැකියි. කෑගල්ල දිස්ත්‍රික්කයේ අබේපුස්ස, බැමිණියාවත්ත, එළිවල යන ගොවිජන සේවා කොට්ඨාසවල පළගැටි විශේෂය ව්‍යාප්තව ඇති බවට හඳුනාගෙන තිබේ. මීරිගම, මදුරුපිටිය ප්‍රදේශයෙන් ද මෙම පළගැටියන් හඳුනාගෙන තිබෙනවා. ප්‍රදේශයේ ගොවීන්ගේ දැනුවත් කිරීමෙන් පසු ගොවිජන සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් අද එම ප්‍රදේශය පරීක්ෂා කළේය.

    Latest News