ලංකා බැංකු සේවක සංගමයෙන් ජනතාවට දැනුම් දීමක්

මාර් 22, 2020

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහය දැක්වීමක් ලෙස බැංකු ගණුදෙනු සිදු කිරීමේ දී සැලකිය යුතු කරුණු සම්බන්ධයෙන් පොදු මහජනතාව, වෙත ලංකා බැංකු සේවක සංගමය දැනුම් දී තිබේ.

    අත්‍යාවශ්‍ය මුදල් ආපසු ගැනීමක් හැරුනු කොට කිසි විටෙකත් බැංකු පරිශ්‍රයට ඇතුළු වීමෙන් වැළකීම, ශාඛා පරිශ්‍රයට ඇතුළු වීමේදී අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පැළඳීම, බැංකු ශාඛා වලට හෝ ස්වයං බැංකු ඒකක වලට ඇතුළු වීමට පෙර හා පසු දෑත් විශබීජ නාශක දියර හෝ සබන් යොදා හොඳින් පිරිසිදු කිරීම සිදුකළ යුතුයි.

    ශාඛා තුළ පෝලීම් තුළ රැඳී සිටීමේදී සෞඛ්‍යය අංශ නියම කර ඇති පුද්ගල දුර ප්‍රමාණය සම්මතයන් අනුව රඳවා ගැනීම, ශාඛා පරිශ්‍රයේ තබා ඇති පෑන් පාවිච්චි කිරීමෙන් වැළකීම, ඔබගේ පෞද්ගලික පරිහරණය සඳහා සෑම විටම පෑනක් රැගෙන ඒම, මුදල් තැන්පත් කිරීම සඳහා හැකි සෑම විටම යන්ත්‍ර පමණක් භාවිතා කිරීම ඒ අතර වෙයි.

    එමෙන්ම කුඩා දරුවන් සහ ප්‍රතිශක්තිකරණය අඩු අය ශාඛා පරිශ්‍ර තුළට රැගෙන ඒමෙන් වැළකීම,
    ඔබට අවශ්‍ය වවුචරයක් පමණක් භාවිතා කිරීම, කිසිදු වවුචරයක් පිටතට රැගෙන යාමෙන් වැළකීම,
    මුදල් ගණනය කිරීමේදි කිසිම අවස්ථාවක ඇඟිලි තුඩු වියළීම වලක්වා ගැනීමට මුඛයෙහි ඛේටය උපකාර කර ගැනීමෙන් වැළකීම (කෙළ තවරා මුදල් ගණනය කිරීම භයානක රෝග ව්‍යාප්තියක් විය හැක.)

    සෑම අවස්ථාවකම නිසි සෞඛ්‍යය උපදෙස් පිළිපදිමින් බැංකු කාර්ය මණ්ඩලයට උපරිම සහයෝගය දක්වන්න ලෙස දැනුම් දෙයි.

    Last modified on ඉරිදා, 22 මාර්තු 2020 17:32

    Latest News