කෑගලුගම බස් රථ අනතුරකින් 20කට තුවාල (වීඩියෝ)

ජන 09, 2021
  • පොළොන්නරුව,ලංකාපුර ප්‍රධාන මාර්ගයේ කෑගලුගම ප්‍රදේශයේ දී අද උදේ බස් රථයක් අනතුරකට ලක්වීමෙන් 20 දෙනෙක් තුවාල ලබා තිබේ.

    අප වාර්තාකරු පවසන්නේ, ලංකාපුර ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් ප්‍රවාහනය කෙරෙන බස් රථයක් වගා සඳහා ජලය බෙදාහැරෙන ඇළකට පෙරළී ඇති බවයි.

    එම රථය මාර්ගයේ වෙනත් රථයකට ඉඩදීම සඳහා සූදානම්වන අවස්ථාවේ ඇළ ඉවුර කැඩීයාමෙන් බස් රථය ඇළට පෙරළී තිබේ.

    එම අවස්ථාවේ එහි සිටි පිරිස විසි දෙනෙක්. ඔවුන් පුලස්තිගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්වයේ පසුවූ පිරිස වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.

    Last modified on සෙනසුරාදා, 09 ජනවාරි 2021 17:33

    Latest News