කොළඹ කොරෝනා ව්‍යාප්තිය වැඩිවීමක්

අප්‍රේ 20, 2021

    කොළඹ නගරය ආශ්‍රිතව කොරෝනා ව්‍යාප්තිය මේ වන විට වැඩිවී ඇති බවත් පසුගිය කාලය පුරාවට 2% ප්‍රමාණයකට තිබූ එය මේ වන විට 8% දක්වා ඉහළ නැග ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා ප්‍රකාශ කරයි.

    කොරෝනා ව්‍යාප්තිය පසුගිය බ්‍රහස්පතින්දා දින සිට වැඩිවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ අහඹු PCR පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

    එමෙන්ම අද (20) දිනයේ සිට උතුරු කොළඹ, මැද කොළඹ, නැගෙනහිර කොළඹ සහ බටහිර කොළඹ යන ප්‍රදේශවල අහඹු ලෙස PCR පරීක්ෂණ කිරීම ආරම්භ කළ බව ඔහු කියා සිටියේය.

    එමෙන්ම දිනකට PCR පරීක්ෂණ 500 - 600 අතර ප්‍රමාණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය. මහජනතාව වැඩිපුර ඒකරාශී වන ස්ථානවල මෙම අහඹු PCR පරීක්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වෙන බව ඔහු කියා සිටියේය.

    කොරෝනා මර්ධන එන්නත ලබාදීම වැඩසටහනේ දෙවැනි මාත්‍රාව ලබා දීමේ වැඩසටහන කඩිනමින් ආරම්භ කරන බවත් පළමු අදියරේ දී පළමු මාත්‍රාව 109888 ලබා දුන් බවත් පළමු මාත්‍රාව ලබාදුන් අනු පිළිවෙලටම දෙවැනි මාත්‍රාව ලබා දීමටද කටයුතු කරන බව ඔහු කියා සිටියේය.

    Latest News