'සංචරණය සීමා කොට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිපදින්න'...සුදත් සමරවීර

අප්‍රේ 20, 2021

    කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව යළි අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    එබැවින්, සංචරණ සීමා කොට නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි, ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

     

    වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා....

    ශ්‍රී ලංකාවේ ජන ජීවිතය යම් සාධනීය මට්ටමකට ගෙන ඒම සඳහා පාසල් වලට ආර්ථිකයට ඇතිවන ගැටළු තේරුම්ගෙන යම් යම් ලිහී කිරීම් සිදු කරනු ලැබුවා එයින් ජනතාව අයුතු ප්‍රයෝජන නොගන්නා ලෙසත් ඉතාමත් වගකීමෙන් තම යුතුකම ඉෂ්ට කරන්න.

    ඉන්දියාවේ පැතිර යන විශේෂ වෛරසය නිසා විදේශ රටවල් වලින් දැඩි සීමාවන් පනවලා තිබෙනවා අපේ රටත් එම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා කටයුතු කළ යුතුයි.

    අපේ රටේ ධීවර කර්මාන්තයේ යෙදෙන අය දැඩි සෞඛ්‍යය නීතිරීති පිළිබඳව අවධානය යොමු කරන්න. සෞඛ්‍ය අංශ විසින් දිගින් දිගටම PCR පරීක්ෂණ සිදුකරනු ලබනවා.

    Latest News