මෙරට ඉදිරි සති කිහිපය තීරණාත්මකයි (වීඩියෝ)

අප්‍රේ 21, 2021
  • මෙරට කොවිඩ් 19 රෝගය පාලනය කිරීම සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපය තීරණාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ්19 රෝග ලක්ෂණ ඇති අයෙකු සිටීනම්, සමාජයට පැමිණීමෙන් වැළකී වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි.

    කොවිඩ් 19 රෝගය වැළඳුනු 367ක් ඊයේ මෙරටින් හඳුනා ගැණුනා. ඔවුන්ගෙන් 345ක් මෙරට දී සොයාගත් රෝගීන් වන අතර ඉතිරි 22ක විදේශයන්හි සිට පැමිණි අයයි. මේ අතර පූර්ණ සුවල ලැබූ 173ක් ‍‍ඊයේ රෝහල්වලින් පිටව ගියා.

    තවද ඊයේ කොවිඩ් මරණ 5ක් වාර්තා වූණා. ඒ මට්ටක්කුලිය, පානදුර, රත්නපුර, යාපනය සහ හොරණ යන ප්‍රදේශවලින්.

    මෙරට කොවිඩ්19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 93,547ක් වන අතර එය 95.97%ක ප්‍රතිශයතයක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස 3300ක් වනවා.

    Last modified on බදාදා, 21 අප්‍රේල් 2021 14:26

    Latest News