දෙදෙනෙකු යට කළ මෝටර් රථය පැය 3ක් ගම්වාසින් භාරයේ

අප්‍රේ 20, 2021

    නුවරඑලිය, වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හක්ගල උද්භිද උද්‍යානය අසල මහ වංගුව ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයකට මාර්ගයේ ගමන් ගත් දෙදෙනෙකු යට වී අනතුරට පත් විමෙන් පසු එම මෝටර් රථය පැය පහක කාලයක් හක්ගල ප්‍රදේශවාසින් භාරයේ රදවාගෙන ගම්වාසින්ගේ ඉල්ලිම් ලබාදිමෙන් පසු එම මොටර් රථය ගම්වාසින් විසින් (19) දින නුවරඑලිය පොලිසිය වෙත භාර දී තිබේ.

    පස්වරු 1.30ට පමණ හක්ගල උද්භිද උද්‍යානය නැරඹිමට තිස්සමහරාමය ප්‍රදේශයේ සිට පැමිණි යුධ හමුදා සෙබලෙකු සහ ඔහුගේ මිතුරෙකු එම මොටර් රථයට යට වී බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

    අනතුර සිදු විමෙන් පසු නුවරඑලිය වැලිමඩ ප්‍රධාන මාර්ගය මහ වංගුව ප්‍රදේශයෙන් ගම්වාසින් විසින් හරස් කරමින් උද්ඝෝෂනයක නිරත විම නිසා එම මාර්ගයේ ගමනා ගමනයට වරින් වර බාධා පැමිණ තිබුණි.

    උද්ඝෝෂණයේ නිරතව සිටි හක්ගල ප්‍රදේශවාසින් කියා සිටියේ අප්‍රේල් 01 වැනි දින ද ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරි රථයක් ත්‍රීරෝද රථයක් මත පෙරලිමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් තිදෙනෙක් එම ස්ථානයේ දී ජිවිතක්ෂයට පත් වී තවත් අනතුරු ගණනාවක් සිදු වූ බවයි.

    හක්ගල මහ වංගුව ප්‍රදේශයේ බහුල වශයෙන් අනතුරු සිදු වන නිසා එම ස්ථානයේ මාර්ග සංඥා ස්ථාපනය කරන ලෙසට අදාල බලධාරින්ට සහ මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කලත්, එයට මෙතෙක් කිසිදු විසදුමක් නොලද නිසා තවදුරටත් එම ස්ථානයේ අනතුරු සිදු වන බවයි.

    හක්ගල ප්‍රදේශවාසින්ගේ විරෝධතාවය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය විසින් නුවරඑලිය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කිරිමෙන් පසු එම ස්ථානයේ වේග සිමා අඩු කිරිමට මාර්ග සංවර්ධන අධිකාරි විසින් පිලියමක් යෙදිමෙන් පසු ගම්වාසින් භාරයේ තිබු අනතුර සිදු කල මෝටර් රථය පොලිසිය වෙත භාර දිමට උද්ඝෝෂණයේ නිරතව සිටි හක්ගල ප්‍රදේශවාසින් කටයුතු කරනු ලැබුහ.

    Latest News