අප්‍රේල් 21 වැනිදා දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක්

අප්‍රේ 19, 2021

    2019 සිට පාස්කු ප්‍රහාරය සිදුවී වසර 2ක් ගතවන 21 වැනිදා විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික උත්සව සඳහා අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබා දෙන ලෙසට පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ,එම නිවේදනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නිතුක්කර ඇති බවයි.

    ඒ අනුව, අදාළ සිහිකිරීම සිදුකරන දේවස්ථානවල පියතුමන්ලා, පූජකතුමන්ලා සහ ආගමික නායකයින් හමුවී ඔවුන් සමඟ සාකච්ඡාකර එම වැඩසටහන් සම්බන්ධයෙන් අවශ්‍ය පරිදි උපරිම ආක්ෂාවක් සලසන ලෙස පොලිස් මූලස්ථානය විසින් සියලුම ප්‍රාදේශිය අධීක්ෂණ නිලධාරීන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී තිබේ.

    විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරුන් සපයනු ලබන ආරක්ෂාව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සෘජු අධික්ෂණයට ලක්කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

    Latest News