වේලිඔයේ අතුරුදන්වූ පිය-පුතු මළසිරුරු සොයා ගැනේ

අප්‍රේ 16, 2021

    හල්දුම්මුල්ල, කළුපහන පාලම් දෙක අතර වේලිඔයේ නෑමට ගොස් අතුරුදන්ව සිටි පියාගේ සහ පුතාගේ මළසිරුරු සොයා ගෙන තිබේ.

    ඔවුන් අනතුරට ලක්වූ ස්ථානයේ සිට මීටර 800ක් පමණ ඇතීන් පිහිටි ගල්පර අතර මළසිරුරු සිරවී තිබියදී අද උදේ සොයා ගත් බව පොලිසිය පවසයි. පිරිසක්, වේලිඔයේ නෑමට ගොස් තිබුණේ, ඊයේ සවස 3.00ට පමණ.

    ඒ අතර සිටි පියෙකු සහ පුත්‍රයෙකු සැඩපහරට හසුව අතුරුදන් වූ අතර, පියා පසුවූයේ, 52 වැනි වියේ. පුත්‍රයාගේ වයස අවුරුදු 14ක්. ඔවුන්, මහරගම පමුණුගම සංචාරක කණ්ඩායමේ සිටි දෙදෙනෙකු බව වාර්තාවේ.

    ගඟ ආශ්‍රිත ප්‍රදේශයට ඇද හැලුණු තද වර්ෂාවත් සමඟ ක්‍ෂණිකව පැමිණි විශාල සැඩ පහරකට ඔවුන් හසුව ඇති බව පොලිසිය පවසයි. එම අවස්ථාවේ ජලයේ ගසාගෙන යමින් සිටි තවත් යුවලක් බේරා ගැනිමට හැකිවී තිබේ.

    Latest News