රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන ගැන මැතිවරණ කොමිෂමට දන්වයි

අප්‍රේ 07, 2021

    රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වන බව කතානායක ම⁣හින්ද යාපා අබේවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

    කතානායකවරයා කියා සිටියේ,මන්ත්‍රී ධුරය හිස්වීම පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දන්වා ඇති බවය. අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේ වනවිට සිව් වසරක සිරදඬවම් නියම වී සිටියි.

    Latest News