හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය බක්මස 17 වනදා

අප්‍රේ 07, 2021

    එළඹෙන අප්‍රේල් මස 17 වන දින පූර්ව භාග 07.16ට යෙදෙන සුභ මොහොතින් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය සිදුකිරීමට සූදානම් බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව පැවසුවේ (06) දින නාවින්න මහරගම ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවණාගාරයේදී හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය පිළිබදව පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    Latest News