දිස්ත්‍රික්ක 8කට උණුසුම් කාලගුණයක්

අප්‍රේ 06, 2021

    මුලතිව්, වව්නියාව, මන්නාරම, පුත්තලම , කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව හා මොණරාගල දිස්ත්‍රික්කවලට අද (06) දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉන් සිදුවිය හැකි බලපෑම අවම කර ගැනීමට ජනතාව පියවර ගත යුතු බවයි.

    ඒ අනූව ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු අතර හැකි තරම් සෙවණ සහිත ස්ථානවල රැඳී සිටිය යුතු ය. වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් ඒ පිළිබඳව විශේෂයෙන් විමසිලිමත් විය යුතුයි.

    වෙහෙසකාරී කටයුතු සීමා කර, සුදු පැහැ හෝ ලා පැහැති වස්ත්‍ර පළඳින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

    Last modified on අඟහරුවාදා, 06 අප්‍රේල් 2021 07:34

    Latest News