ශ්‍රීපාද කරුණාවට විශේෂ දුම්රියක්

පෙබ 02, 2019

    සති අන්ත දිර්ඝ නිවාඩුවට කොටුවේ සිට නානුඔය දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක් කෙරේ.

    විශේෂ දුම්රියේ ශ්රින පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙයි. සති අන්ත දිර්ඝ නිවාඩුවට කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා විශේෂ දුම්රියක් කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ නානුඔය දක්වා ගමන් කළේය. අද උදැසන 7.30 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කල එම විශේෂ දුම්රිය 12.30 හැටන් දුම්රිය ස්ථානයට ලගා වු අතර එම දුම්රිය පස්වරු 1.30 ට නානුඔය දුම්රිය ස්ථානය වෙත පැමිණියේය.

    එම දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා පස්වරු 5 ට ගමන් ආරම්භ කරන අතර එය මධ්‍යම රාත්‍රී 12 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ළඟවිමට නියමිතයි.

    විශේෂ දුම්රියෙන් ශ්‍රිපාද කරුණා කිරිමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණි අතර එම දුම්රියෙන් පැමිණි වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලත්නිය දක්වා රැගෙන යාමට හැටන් ලංගම ඩිපෝවේ බස් රථ ධාවනයට එක් කර තිබේ.

    කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා දිනපතා ධාවනය වන උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ රාත්‍රී තැපැල් දුම්රියෙන්ද ශ්‍රී පාදය කරුණා කිරිමට පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් අමතර ලංගම බස් රථ ධාවනයට එක් කර ඇති බව හැටන් ලංගම ඩිපෝ පරික්ෂක රෝහණ ද සිල්වා මහතා පැවසියීය. සති අන්ත දිර්ඝ නිවාඩුත් සමග හැටන් මාර්ගයේ ශ්‍රී පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණෙන බව අප වාර්තාකරු පවසයි. වන්දනාකරුවන් වෙනුවෙන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශලාවේ සියළුම පහසුකම් පලසා තිබේ. 

    specialtrain1 px 900 02 02

    Latest News