දිස්ත්‍රික්ක 10කට අද උණුසුම් කාලගුණයක්

අප්‍රේ 05, 2021

    දිස්ත්‍රික්ක 10කට අද උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අද (5) සිට මෙම මස 14 වැනිදා දක්වා සිදු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් ගමන් කිරීම සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මුලිතිව්, වව්නියාව, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල යන දිස්ත්‍රික්කවලට එලෙස වැඩි උණුසුම් කාලගුණයක් පැවැතිය හැකි බවයි.

    Latest News