වැලිමඩ සානුවේ මල් වගා කරුවෝ වසන්ත සමයට සුදානම්

අප්‍රේ 02, 2021

    වැලිමඩ සානුවේ මල්වගාකරුවෝ වසන්ත සමයට සුදානම් බව පවසති.

    මල්වගාකරුවන්ගේ අතමිට සරුවන වැඩිම මල් පැල හා මල් අලෙවි වන කාලය අප්‍රේල් හා මැයි මාසයයි.

    වැලිමඩ සානුවේ කැප්පෙටිපොල, ගවරම්මාන, පෙල්ලිවින්න, එරබද්ද, පුරංවෙල ආදී ප්‍රදේශවල විශාල පිරිසක් මල් වගාව ස්වයං රැකියාවක් ලෙස කරගෙන යනු ලබන අතර ඔවුන්ගේ මල් අලෙවිය සඳහා හොදම ඉල්ලුමක් පවතින කාලය අප්‍රේල් මාසය උදාවන වසන්ත කාලය බවත් ඔවුන් පවසති. දැනට වසර දෙකක් පාස්කු ප්‍රහාරය සහ තොරෝනා වෛරස් තත්වය නිසා රටේ උද්ගත වු තත්වයන් මත මෙම වැඩිම මල් පැල හා මල්වලට ඉල්ලුමක් ඇති අප්‍රේල් මාසයේ තමන් බලාපොරොත්තු වු ආකාරයට තම ව්‍යාපාර කර ගෙන යෑමට නොහැකි වු නිසා තමන් අන්ත අසරණ වු බව මල්වගාකරුවෝ පවසති.

    කෙසේ වෙතත් මේ වර්ෂයේ දැනට රට සාමාන්‍යකරණය වෙමින් පවතින බවත් ජනාධිපති තුමන් ප්‍රමුඛ වත්මන් රජය රට විවෘත්ත කර තැබීමට ගෙන ඇති තීරණයත් සමග තමන්ගේ මල් පැල හා මල් අලෙවිය නැවත පෙර සේම ඉතා හොදින් සිදුවේයැයි තමන් විශ්වාස කරන බවත් මල්වගාකරුවෝ පවසති.

    එම නිසා මේ පවතින තත්වය වෙනස් නොකර රට නැවත ලොක් ඩවුන් නොකර තම ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යෑම සදහා අවස්තාව ලබා දෙන මෙන් මල් වගා කරුවන් බලධාරින්ගෙන් ඉල්ලා සිටී.

    තවද සංචාරකයින්ගෙන් හා මල් මිලදී ගැනීමට පැමිනෙන පිරිස්වලින්ද ඉල්ලා සිටිනුයේ සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් නිසියාකාරව පිළිපදිමින් ලබා දී ඇති නිදහස උපරිමයෙන් ආරක්ෂා කර ගන්නා ලෙසත්ය.

    Latest News