අමාත්‍ය නාමල් ඇතුළු සැකකරුවන්ගෙන් විදේශ ගමන් තහනම ඉවතට

අප්‍රේ 01, 2021

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර සිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට පනවා තිබූ විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්.ආර්. consultancy නැමැති සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන්.

    මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයින්ට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලීම් කළා.

    එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික.සී. රාගල මහතා නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට පණවා තිබූ විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස නියෝග කළා.

    පැමිණිල්ල ඔක්තෝම්බර් මස 7 වනදා කැඳවීමට ද නියෝග කෙරුණා.

    Latest News