ලොරි රථයක් ත්‍රිරෝද රථයක් මතට පෙරලිමෙන් 3ක් ජිවිතක්ෂයට

අප්‍රේ 01, 2021

    ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක් මතට ලොරියක් පෙරලිමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් කාන්තාවන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව වාර්තාවේ.

    ත්‍රීරෝද රථයේ රියදුරා අනතුරෙන් දැඩි ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රොහල වෙත අද (01) ඇතුලත් කල බව නුවරඑලිය පොලිසිය පැවසිය.

    අද දහවල් 12.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නුවරඑලිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය හග්ගල ලොකු වංගුව ප්‍රදේශයේදිය.

    අනතුරෙන් මියගොස් ඇත්තේ ඇල්ල ඌවකරදගොල්ල ප්‍රදේශයේ පදිංචි තිදෙනෙකු බවයි පොලිසිය කියා සිටියේ.

    නුවරඑලිය සිට ඇල්ල දක්වා ධාවනය වු ත්‍රීරෝද රථය පසුපස නුවරඑලිය සිට වැලිමඩ දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් හදිසියේ ඉදිරියෙන් ධාවනය වු ත්‍රීරෝද රථය මතට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් පසු ලොරි රථයේ රියදුරා පලාගොස් ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ.

    ලොරි රථයේ සහකයා සැකපිට අත්අඩංගුවට ගත් බවත්, ලොරි රථයේ රියදුරාගේ අනන්යතාවය තහවුරු කරගෙන ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවයි පොලිසිය කියා සිටියේ.

    අනතුර සිදු වු අවස්තාවේ එක් කාන්තාවක් එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වු බවත්, අනෙකුත් තුවාලකරුවන් දෙදෙනා රොහල් ගත කිරිමෙන් පසු මිය ගිය බවත්, ත්‍රීරෝද රථයේ රියදුරාගේ තත්ත්වය බරපතල බවයි නුවරඑලිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් වැඩි දුරටත් කියා සිටියේ.

    Latest News