පාස්කු ප්‍රහාරයට හා අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ තවත් 4ක් අත්අඩංගුවට (වීඩියෝ)

අප්‍රේ 01, 2021
  • පාස්කු ප්‍රහාරයට හා අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ තවත් සිව් දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

    ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

    මෙම සැකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය ප්‍රධාන අපරාධකරු වන සහරාන් හෂීම් නමැත්තාගේ අන්තවාදී මූලධර්මවාදී යම් යම් කරුණු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන්. මේ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි පුද්ගලයකු බවට වාර්තා වෙනවා. අනෙක් තැනැත්තා තිහාරිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්. මොවුන් දෙදෙනාම කටාර් රාජ්‍යය සිට මෙම මාධ්‍ය මෙහෙයුමක් 2017 18 19 වර්ෂ වල දියත් කර ඇති බවටයි වාර්තා වෙන්නේ .

    Latest News